ඔන්න මම ආයෙත් ආවා dongale unlok software එකකුත් අරගෙනම

Written by රාගම ටික්කා on Friday, April 15, 2011 at 10:50 AM

දිගු නිහැඬියාවකින් පස්සේ ඔන්න මම ආයෙත් ආවා . ඉතින් අපි අයෙත් දැනුම සොයා යමු .......
මම අද ආවේ හිස් අතින් නෙමේ . ඔයාලට වැදගත් වෙන දේකුත් අරගෙන තමයි  මම ආවේ 

ඒ තමයි ඔයාලට ගොඩක් වැදගත් ඩොන්ගල් අන්ලොක් software එකක් .
මගේ dialog ලයින් එක නිතරම dialog එකේ මාමලා  disconnect කරනවා (මොකද මම බිල් ගෙවන්නේ පරක්කු වෙලානේ ) ඉතින් එහෙම වෙලාවට ටික්කා අනාථ වෙනවා මොකද මගේ dongale unlock කරපු නැති එකක්නේ ඉතින් මම dialog එකේ මාමල දෙන dongale එකේ අවුරුද්දක warrenty එක බල්ලට දාල dongale unlock කරන්න තීරණය කලා. එකට සොෆ්ට්වෙයා කට්ටක් හොය හොය  ජංජාලයේ කරක් ගහනකොට කජු කනවා වගේ ලේසියෙන් unlok කරන්න පුළුවන් software එකක් හම්බ උනා . ඉතින් ටික්කා හිතුවා මං වගේ කට්ට කන බිල් නොගෙවන ඇත්තන්ට උදව්වක් වශයෙන් මේක කියල දෙන්න . හරි අපි දැන් වැඩේට බහිමු  


STEP - 1


මුලින්ම ඔයාලගේ mobile patner එක ඔපෙන් කරගෙන dongale එකේ IMEI NUMBER එක හොයාගන්න ඕනේ   (TOOLS >DIGNOSTICS >DEVICE >IMEI )

STEP -2

දැන් මෙන්න මේ LINK එකට ගිහින් මේ File එක බාගන්න size එක 666kb විතර තමා  වෙන්නේ 

දැන් මුලින්ම UNIVERSAL MASTER CODEකියන එක install කරලා ඒ එකේ ඔයාගේ IMEI එක ගහල CALCULATE ඔබන්න එතකොට ඔයාගේ IMEI එකට අදාළ UNLOCK එකයි FLASH එකයි ලැබෙනවා 




STEP -3

HUAWEI MODEM CODE WRITTERINSTALL කරලා OPEN කරගන්න  


දැන් අපේ DONGALE එක තියන PORT එක තෝරන්න ඕනේ ඒකට SELECT COM PORT CLICK කරලා ලැබෙන DIALOG BOX එකේ DETECT  CLICK කරන්න ඕනේ 


දැන් ඔයාට පහත ආකාරයේ කුඩා BOX එකක් පෙනෙයි. දැන්  අපි කලින් ගත්ත UNLOK COAD එක එතන PASTE කරලා ENTER කරන්න .....

දැන් වැඩේ ගොඩ නේද............?

YOUR MODEM HAS BEEN UNLOCKED



INSERT THE ANY SIM CARD


ENJOY U R SELF


කමෙන්ටුවක් දැම්මොත් හොඳා ..........
රාගම ටික්කා 







teamviewer  සොෆ්ට්වෙයා එක ගැන ඉගෙන ගනිමු (කෙටියෙන්)   
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අලුත්ම සොෆ්ට්වෙයා එකක්  ගැන මේ සොෆ්ට්වෙයා එක හැමදෙනාටම නැති උනත් ගොඩක් යට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසයි මේ ගැන ලිපියක් ලියන්න හිතුවේ . මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි teamviewer මේක පාවිච්චි  කරලා ඔයාට පුළුවන් ගෙදර ඉදලම ඔයාගේ යාළුවගේ කොම්පුටර් එකේ ඩෙස්ක්ටොප් එක බලාගන්න . තේරුනේ නෑ නේද ? මෙහෙමයි ඔයා මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගත්තම මේ වගේ වින්ඩෝ එකක් ලැබෙනවා 


                             

මේ වින්ඩෝ එකෙන් පෙන්නලා තියන  විදිහට
  A    =  කියන්නේ ඔයාට teamviewer එකෙන්ඔයාට  දීල තියන  ID  එක 
   B =  කියන්නේ ඔයාට අදාළ පාස්වර්ඩ් එක 
    C = කියන්නේ ඔයාගේ යාළුවගේ  ID එක දාන්න ඕනේ තැන (යාලුවට කතාකරලා ID එකයි PASSWARD එකයි ඉල්ලගෙන ඉන්න ඕනේ  )
යාළුවගේ ID එක එතනට දාල ඊට පස්සේ D කියන  තැන ඔබන්න
 එතකොට ඔයාට තවත් වින්ඩෝ එකක් ලැබෙනවා යාළුවගේ PASSWORD එක දාන්න 

ඔන්න දැන් ඔයාට යාළුවගේ කොම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක බලාගන්න පුළුවන් (    SOFTWEARE විකුණන සමහර ආයතන මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා තමයි පරිබෝගිකයන්ගේ ගැටළු සහිත සොෆ්ට්වෙයා ඔවුන් විසින්ම හරි ආකාරයට  ඉන්ස්ටෝල් කරලා දෙන්නේ )       
ඒක පාවිච්චි කරලා ඔයාට පුළුවන් යාළුවගේ හාර්ඩ් ඩිස්ක් එකේ තියන ෆයිල්ස් shere කරගන්න වගේම තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්  
ඔයාලත් අත්හදා බලන්නකෝ 

මෙතනින් බාගන්න

ෆේස්බුක් එකේ Group එකක් විදිහට චැට් කරන්න කැමති ද ?

Written by රාගම ටික්කා on Wednesday, April 6, 2011 at 10:44 AM



ඔයාලත් ෆේස්බුක් එකේ Group එකක් විදිහට ගොඩ දෙනෙක් එක්ක එකපාර චැට් කරන්න කැමතිනම් අදම රාගම ටික්කාගේ ෆේස්බුක් Group  එකට Join වෙන්න 

ලේසියෙන් සිංහල ටයිප් කරමු .......

Written by රාගම ටික්කා on Sunday, April 3, 2011 at 11:28 AM

ලේසියෙන් සිංහල ටයිප්  කරමු ....... 


මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ලේසියෙන් සිංහල ටයිප් කරන 
විදිහක් ගැන . ඔයාලා  සිංහල ටයිපින් ඉගෙනගෙන  නැති කෙනෙක් නම් දන්නවා ඇති 
කම්පියුටර් එකෙන් සිංහල  ටයිප්  කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා . එහෙම  කියලා 
අපිට පුලුවන්ද අපේ අදහස් හැම එකක්ම සිංග්ලිෂ් වලින් දාන්න , අන්න ඒකට
නියම විසදුමක් ඔන්ලයින් විදිහටම දැන් ඔයාට තියනවා . 
ඒ පහසුකමත් අපට දෙන්නේ සුපුරුදු ගූගල් ආයතනයි .

ඒකට කියන්නේ ගූගල් ට්‍රාන්ස්ලිට්‍රේෂන්  කියලා 

ඒකෙන් ඔයාලට පුළුවන්  සිංග්ලිෂ් වලින් ටයිප්  කරලා සිංහල වචන  ලබාගන්න .
වෙන එකක් තියා ටික්කා මේක ටයිප් කලෙත් ගූගල් ට්‍රාන්ස්ලිට්‍රේෂන  එකෙන්ම තමයි. 


Eg- mama oyata aadareyi = මම ඔයාට ආදරෙයි 
ඔයාට ඕන වචනය සිංග්ලිෂ් වලින් ටයිප් කරලා ස්පේස් බාර් එක ඔබන්න 

මෙතනින් ඔයත් පිවිසෙන්න http://www.google.com/transliterate/Sinhalese 

ඔයාලත් අත්හදා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ .................

රාගම ටික්කා 

රාගම ටික්කා Zone

Written by රාගම ටික්කා on Monday, March 28, 2011 at 9:39 AM

Small text message

Ragama Tikka. Powered by Blogger.

Sponsors


RSS Feed
Find us on Facebook
Get free emails in your inbox

අපි කතා කරමු ................

My status

About the author

This is the area where you will put in information about who you are, your experience blogging, and what your blog is about. You aren't limited, however, to just putting a biography. You can put whatever you please.