ලේසියෙන් සිංහල ටයිප් කරමු .......
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ලේසියෙන් සිංහල ටයිප් කරන
විදිහක් ගැන . ඔයාලා සිංහල ටයිපින් ඉගෙනගෙන නැති කෙනෙක් නම් දන්නවා ඇති
කම්පියුටර් එකෙන් සිංහල ටයිප් කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා . එහෙම කියලා
අපිට පුලුවන්ද අපේ අදහස් හැම එකක්ම සිංග්ලිෂ් වලින් දාන්න , අන්න ඒකට
නියම විසදුමක් ඔන්ලයින් විදිහටම දැන් ඔයාට තියනවා .
ඒ පහසුකමත් අපට දෙන්නේ සුපුරුදු ගූගල් ආයතනයි .
ඒකට කියන්නේ ගූගල් ට්‍රාන්ස්ලිට්‍රේෂන් කියලා
ඒකෙන් ඔයාලට පුළුවන් සිංග්ලිෂ් වලින් ටයිප් කරලා සිංහල වචන ලබාගන්න .
වෙන එකක් තියා ටික්කා මේක ටයිප් කලෙත් ගූගල් ට්‍රාන්ස්ලිට්‍රේෂන එකෙන්ම තමයි.
Eg- mama oyata aadareyi = මම ඔයාට ආදරෙයි
ඔයාට ඕන වචනය සිංග්ලිෂ් වලින් ටයිප් කරලා ස්පේස් බාර් එක ඔබන්න
මෙතනින් ඔයත් පිවිසෙන්න http://www.google.com/transliterate/Sinhalese
ඔයාලත් අත්හදා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ .................
රාගම ටික්කා